ලිංගික සබඳතා

0 comments

වෛද්‍යතුමනි පළමුවෙන්ම ගොනෝරියා සහ ක්ලැමීඩියා යන රෝග දෙක පිළිබඳව හැඳින්වීමක් කළහොත්....?

වර්තමානයේ ලිංගාශ්‍රිතව බෝවෙන රෝග සඳහා පැවැත්වෙන වෛද්‍ය සායනවලදී මෙම රෝග දෙකට ගොදුරුවූවන් බොහොමයක් හමුවෙනවා.

අපි පළමුව ගොනෝරියා රෝගය පිළිබඳව තොරතුරු සොයා බලමු. ගොනෝරියා (Gonorrhoea) යනු මෙම රෝගය ඉංග්‍රීසි බසින් හඳුන්වන නම. මෙය සිංහලෙන් හඳුන්වන්නේ ‘සුදුබිංදුම’ නමින්. මෙහි රෝග කාරකය බැක්ටීරියාවක්. ඒ Neisseria Gonorrhoea නම් බැක්ටීරියාව.

මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් අයකුට යන ප්‍රධානම ක්‍රමය වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයනුයි.

එමෙන්ම මෙම රෝගයෙන් පෙළෙන මවක් දරුවකු බිහි කරන විට එම දරුවාට රෝගය වැළඳීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම අලුත උපදින දරුවාගේ ඇස් මෙහිදී ආසාදනයට ලක්වෙනවා. ඒ ගොනෝරියා රෝගය බෝවන ප්‍රධානම ක්‍රම දෙක.

යමෙකුගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වී රෝග ලක්ෂණ පහළ වීමට ගතවන කාලය ‘බීජෞෂණ සමය’ ඉතා කෙටියි. එය පැය 24ක් වැනි සුළු කාලයක් විය හැකියි. එහෙත් ඉතා කලාතුරකින් ඇතැමෙකුට බීජෞෂණ සමය මාසයක් පමණ වන අවස්ථාද තිබෙනවා. බොහෝ විට දින දෙක තුනක් ගත වන විට රෝග ලක්ෂණ පහළ වෙනවා.

මෙහි රෝග ලක්ෂණ මොනවාද?

මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ ලිංගේන්ද්‍රියෙන් සැරව වැනි ඝන ශ්‍රාවයක් නිකුත් වීමයි. මෙම සැරව වැනි ශ්‍රාවය උකු කිරි (ටින් කළ කිරි) වැනි ස්වභාවයක් ගන්නවා. මෙම රෝගයට ගොදුරු වූ පුරුෂයකු ගේ ලිංගේන්ද්‍රිය මදක් තෙරපූ විට එම සැරව බිංදුවක් ආකාරයෙන් එළියට එනු දැකගත හැකියි. එනිසයි මෙම රෝගය ‘සුදු බිංදුම’ ලෙස හඳුන්වන්නේ පුරුෂයකුගේ නම් මෙම රෝගය ඉහත දැක්වූ ආකාරයෙන් හඳුනාගත හැකියි.

එහෙත් මෙම රෝගය කාන්තාවකගේ හඳුනාගැනීම පහසුවන්නේ නෑ. බොහෝවිට මුල් අවස්ථාවේදී කාන්තාවක් තුළ මෙම බැක්ටීරියාව තිබෙන්නේ ගර්භාෂ ගෙලේ. (ගැබ්ගෙල). ගර්භාෂය ශරීර අභ්‍යන්තරයේ තිබෙන ඉන්ද්‍රියයක්.

රෝගය වැළඳුණු පුරුෂයකුගේ ලිංගේන්ද්‍රියෙන් සුදු පැහැති ශ්‍රාවය බිංදු ලෙසින් පිටතට පැමිණියත් කාන්තාවන්ගේ එම ශ්‍රාවය පහසුවෙන් එළියට දිස් වන්නේ නෑ.

මෙම සැරව ශ්‍රාවය පිටවනවාට අමතරව තවත් රෝග ලක්ෂණ ගණනාවක්ම මෙහිදී පෙන්නුම් කරනවා. නිතර ඇතිවන මුත්‍රා දැවිල්ල, ලිංගේන්ද්‍රිය අවට රතුපැහැවීම සහ වේදනාවක් ඇතිවීම අනෙකුත් රෝග ලක්ෂණයි.

මෙහිදී ඇතිවන සංකූ®ලතා මොනවාද?

ඉහතින් දැක්වූ රෝග ලක්ෂණවලින් රෝගය හඳුනා ගෙන නිසි ප්‍රතිකාර නොකළහොත් ගොනෝරියා විෂබීජය ශරීරයේ ඉහළ අවයවයන්ට ගමන් කළ හැකියි. පුරුෂයකුගේ නම්, ඔහුගේ ලිංගේන්ද්‍රියේ විවිධ කොටස්වලට මෙම ආසාදනය පැතිරී යා හැකියි.

වෘෂණකෝෂවල යම් යම් කොටස්, පුරස්ථි ග්‍රන්ථියේ කොටස් ඉතා පහසුවෙන් මෙහිදී ආසාදනයට ලක්වෙනවා. ශරීරය පුරා මෙම විෂබීජය පැතිරීම නිසා ශරීරයේ විවිධ ස්ථානවල සමේ, සැරව බිබිලි මතුවෙනවා. එමෙන්ම ශරීරයේ සන්ධිවල, හෘදයේ, මොළයේ විවිධ කොටස් ආබාධයට ලක්වෙනවා.

කාන්තාවන් පිළිබඳව සැලකීමේදී ඉහතින් දැක්වූ පුරුෂයින්ට ඇතිවන සියලුම සංකූ®ලතා ඇතිවෙනවා. ඊට අමතරව ගොනෝරියා බැක්ටීරියාව කාන්තාවන්ගේ උකුල අභ්‍යන්තරයේ පිහිටි ගර්භාෂය, පැලෝපීයනාල වැනි ඉන්ද්‍රියයන් ආසාදනයට ලක්වෙනවා.

පැලෝපීය නාලවලට ගොනෝරියා බැක්ටීරියාව ඇතුළුවීමෙන් එම නාලවල සැරව ගෙඩි ඇතිවිය හැකියි. එහිදී පැලෝපීය නාල අවහිර වෙනවා. එය කාන්තාවන්ගේ සරුභාවය අඩුවීමට හේතුවක්.

එමෙන්ම කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව ප්‍රදේශයේ පිහිටි බාතොලින් ග්‍රන්ථිය (Bartholin gland) ආසාදනයට ලක්වීම නිසා එහි සැරව ගෙඩි ඇතිවෙනවා. ගර්භණී මවකට මෙම රෝගය වැළඳී ඇත්නම් ඇයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ඇයට උපදින දරුවාට මෙම රෝගය වැළඳීමට ඇති හැකියාව වැඩියි. විශේෂයෙන්ම ඇස්වලට හානි වෙනවා.

ක්ලැමීඩියා රෝගයත් ගොනෝරියා රෝගයට සමානද?

මෙය ක්ලැමීඩියා ට්‍රැකොමාටිස් (Chlamydiea Trachomatis) නම් බැක්ටීරියාව මඟින් ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්. දැන් මෙය ඉතාම සුලභ රෝගයක්. මෙම රෝගය බෝවන්නේත් මූලික වශයෙන්ම අනාරක්ෂිත ලිංගික සබඳතාවන් නිසයි.

මෙම රෝගයේ බැක්ටීරියාව ශරීරගතවී රෝග ලක්ෂණ පහළ වීමට සතියක් හෝ දෙකක් පමණ ගතවෙනවා. මෙයත් බොහෝ දුරට ගොනෝරියා රෝගයට සමාන රෝගයක්.

මෙම රෝගයේ ලක්ෂණ?

ක්ලැමීඩියා රෝගයේ රෝග ලක්ෂණ ගොනෝරියා රෝගයේ රෝග ලක්ෂණවලට බොහෝසෙයින් සමානයි. එකම වෙනස වන්නේ ක්ලැමීඩියා රෝගයේදී ලිංගේන්ද්‍රියෙන් පිටවන ශ්‍රාවය ගොනෝරියා රෝගයේදී මෙන් උකු ශ්‍රාවයක් නොවීමයි.

ගොනෝරියා රෝගයේ රෝග ලක්ෂණ වන ලිංගික ප්‍රදේශවල දැවිල්ලක් ඇතිවීම, වේදනාවක් ඇතිවීම, කැසීමක් ඇතිවීම වැනි රෝග ලක්ෂණ මෙහිදී ද පෙන්නුම් කෙරෙනවා.

මෙහිදී පිරිමියකුගේ වුවත් ලිංගේන්ද්‍රියෙන් පිටවන ශ්‍රාවය ඝණත්වයෙන් අඩු නිසා මෙය රෝග ලක්ෂණයකැයි බොහෝ දෙනෙක් නොසලකා සිටින අවස්ථා ද තිබෙනවා. ගොනෝරියා රෝගයේදී මෙන් කාන්තාවකගේ මෙම රෝගය ඇතිවන්නේ ගැබ් ගෙලෙහි නිසා රෝගය හඳුනාගැනීම ඉතාම අපහසුයි.

ක්ලැමීඩියා රෝගයේ සංකූ®ලතා මොනවාද?

මෙහිදී පුරුෂයින්ගේ පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම වෘෂණ කෝෂවල ඇතිවන ආසාදනයන් මෙන්ම අක්මාව වටා ඇතිවන ආසාදන තත්ත්ව (Pery Hepatitis) ඇස්වල ඇතිවන ආබාධ, මුත්‍ර මාර්ගයේ කෙළවර ඇතිවන ආබාධ වැනි සංකූලතා පෙන්නුම් කෙරෙනවා. ඊට අමතරව කාන්තාවන්ගේ ගර්භාෂය පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ අශ්‍රිතව විවිධ ආබාධ ඇතිවෙනවා.

විශේෂයෙන්ම පැලෝපීය නාලවලට මෙම විෂබීජය පැතිරීම නිසා ඒවා අර්ධ වශයෙන් වැසීමේ හේතුවෙන් පැලෝපීය නාල අභ්‍යන්තරයේ පිළිසිඳ ගැනීම් පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.

කාන්තාවන්ගේ සරු භාවය නැතිවීමට ද ක්ලැමීඩියා රෝගය හේතුවක් වෙනවා. ගර්භණී මවකට ක්ලැමීඩියා රෝගය වැළඳී ඇත්නම් ගොනෝරියා රෝගයේදී මෙන්ම දරුවා උපදින අවස්ථාවේදී දරුවාට රෝගය වැළඳීමේ හැකියාව තිබෙනවා.

මෙම රෝග දෙක සඳහා කෙරෙන ප්‍රතිකාර මොනවාද?

කිසියම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇති විටකදී හෝ තමන්ගේ ලිංගේන්ද්‍රියෙන් අසාමාන්‍ය ආකාරයේ ශ්‍රාවයක් පිටවෙයි නම් හෝ ඔහු හෝ ඇය වහාම වෛද්‍යවරයකු හමුවීම වැදගත්.

එසේ නොමැති නම් කෙළින්ම ජාතික රෝහලේ ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව පැවැත්වෙන සායනවලට සහභාගී විය හැකියි. එහිදී සියලුම වෛද්‍ය පර්යේෂණ නොමිලේ කර ගත හැකියි. එහිදී රෝගියාගේ පෞද්ගලිකත්වය, අනන්‍යතාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා.

මෙහිදී සදහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ මෙවැනි රෝග සඳහා වෛද්‍යවරයකු හමුනොවී හිතමිතුරකුගෙන් හෝ වෙනත් පුද්ගලයකුගෙන් ඖෂධ ලබාගෙන රහසේ ප්‍රතිකාර කරගැනීම ඉතා අනුවණ ක්‍රියාවක් බවයි.

ඇතැමුන් මෙම රෝග වැළඳුණු වෙනත් අයකුගෙන් ඖෂධ පිළිබඳ තොරතුරු විමසා වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා කරනවා. මෙහිදී ටික දිනකට රෝගය යටපත් වුවත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් රෝගයට ගොදුරු වෙනවා.

ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් පමණක් ඖෂධ ලබාගැනීම වැදගත්. මෙම රෝග දෙක ඉතා පහසුවෙන් හඳුනාගෙන ඉතා පහසුවෙන් නිට්ටාවට සුව කිරීමේ හැකියාව තිබෙනවා. සතියක් ඇතුළත මෙම රෝග දෙකට ප්‍රතිකාර කොට සුවපත් කළ හැකියි.

ඒ නිසා මෙම රෝග සඟවාගෙන නොසිටිය යුතුයි. මෙම රෝගවලට ප්‍රතිකාර කොට සුව කිරීමෙන් අනතුරුව රෝගියා සම්පූර්ණයෙන්ම රෝගයෙන් මිදී ඇතිදැයි සොයා බැලීමට පසු විපරමක් ද කෙරෙනවා.

මෙම රෝගවලින් වැළකී සිටීමට නම්....?

වඩාත් වැදගත් වන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමු නොවීමයි. තරුණ වියේ සිටින අවිවාහකයින් හට විවාහ වන තෙක් තම ලිංගික හැසිරීම් පමා කළ හැකියි. ලිංගික හැසිරීම්වලට යොමුවන පුද්ගලයින් විශ්වාසවන්ත එක් සහකරුවකු ගේ හෝ සහකාරියකගේ ඇසුර පමණක් පැතිය යුතුයි. එසේත් නොමැතිව අනාරක්ෂිත ලිංගික හැසිරීමකට යොමුවන්නේ නම් පුරුෂයා නිවැරැදි ලෙස කොන්ඩමයක් භාවිත කළ යුතුයි.

ඔසප්වීම සිදුවීමේ ඇති වැදගත්කම

1 comments

පිරිසිදු රුධිරය පිට නොවීමෙන් හිසට බලපෑමක්‌ වේය යන පැරණි කතාවේ සත්‍යයක්‌ තිබේද?

ඔසප්වීම හෙවත් ආර්තවය මසකට වරක්‌ තරුණ කාන්තාවකට සිදුවන සිදුවීමකි. මෙහි දී සිදුවන්නේ ඩිම්බ කෝෂයකින් පිටවන ඩිම්බයක්‌ සංසේචනයෙන් පසු ගැබ් ගැනීම සඳහා සූදානම් වූ ගර්භාෂ පටලයේ ගැබ් ගැනීමක්‌ සිදු නොවීම නිසා ගැල වී යැමයි. මෙම පටලය ගැලවී යන විට ඒ අවට ඇති රුධිර නාල කැඩී යැමෙන් රුධිර වහනය සිදුවේ. දින කිහිපයකට පසුව එම පටලය නැවත වර්ධනය වීම ඇරඹීමත් සමග රුධිර වහනය නවතී. මෙම රුධිර වහනය හෙවත් ඔසප් වීම සිදුවන්නේ ඩිම්බ පිටවීමට සමගාමීව ය. ඔසප් වීමේ ඇති වැදගත්කම වන්නේ ඉන් ඩිම්බ පිටවීම සිදුවන බව තහවුරු වන බැවිනි.

මෙම ඩිම්බ පිටවීම සමග අත්වැල් බැඳගත් හෝමෝන විපර්යාස ගණනාවක්‌ ඇත. ඒවා මගින් ශරීරයේ බොහෝa වෙනස්‌කම් සිදුකෙරේ. උදාහරණයක්‌ ලෙස කාන්තාවකගේ මුහුණේ, පපු ප්‍රදේශයේ රෝම වැවීම, කුරුලෑ ඇතිවීම, ස්‌ථුල භාවය ඇතිවීම වැනි දෑ ඔසප් වීම අපිළිවෙළට සිදුවන කාන්තාවන්ගේ දැකිය හැක.

ඔසප්වීම පිළිවෙළට සිදුවීම වැදගත් වන්නේ මම හේතුන් නිසාවෙනි. එනම්, ඩිම්බ පිටවීම පිළිවෙළට සිදු නොවන විට ගැබ් ගැනීමේ ගැටලු ඇතිවේ. ඊට අමතරව හෝමෝනවල ක්‍රියාකාරීත්වය වෙනස්‌ වීම මගින් සිරුරේ වෙනත් ස්‌ථානවල ගැටලු ඇතිවේ. සාමාන්‍ය ව්‍යවහාරයේ ඔසප් වීම, ඇඟ සුද්ද වීම යන නමින් හැදින් වූ අතර ඇතැම් අය මෙම ඇඟ සුද්ද වීම ශරීර සෞඛ්‍යයට ඉතා වැදගත් දෙයක්‌ ලෙස සැලකූහ. ඔවුන්ගේ මතය වුයේ සිරුරෙන් කිලිටි රුධිරය මෙලෙසින් මසකට වරක්‌ ඉවත් වීම සිදුවිය යුතු අතර, එසේ නොවුවහොත් එම අපිරිසිදු තත්ත්වය සිරුරේ වෙනත් අවයව වලට හානිකර විය හැකි බවයි. විශේෂයෙන් ම හිසට කිලිටි රුධිරය ඇතුල් වීමෙන් හානි සිදුවන බවයි. නමුත් සත්‍යය වන්නේ ඔසප් වීමේදී සිදුවන්නේ සාමාන්‍යයෙන් තුවාලයක්‌ වූ විට රුධිරය වහනය වන්නාක්‌ මෙන් රුධිරය පිටවීමයි. එබැවින් මෙලෙස රුධිරය පිටවිම නිසිලෙස කාන්තාවගේ සෞඛ්‍යයට බලපාන්නේ නැත. වැඩිපුර රුධිරය පිටවීමෙන් නීරක්‌තිය වැනි තත්ත්වයන් ඇතිවේ. නමුත් එය සිදුවන්නේ වෙනත් ගැටලුකාරී තතත්aවයන් ඇති විටයි.

වැඩිවිය පැමිණි මුල් මාස කිහිපය තුළ ඔසප් වීම පිළිවෙළින් සිදුනොවීම සාමාන්‍ය දෙයකි. ඊට හේතුව වන්නේ මෙම මුල් ඔසප් චක්‍රය ඩිම්බ පිටවීමක්‌ නොමැතිව සිදුවීය හැකි බැවිනි. නමුත් වසර කීපයක්‌ යන විට ඩිම්බ පිටවීම පිළිවෙළින් සිදුවන බැවින් ඔසප් වීම පිළිවෙළින් මාසිකව සිදුවේ. චක්‍රය දින කිහිපයකින් අඩු වැඩි වීම සිදුවිය හැකි නමුත් මාස කීපයකට වරක්‌ ඔසප් වීම සිදුවේ නම් මේ සඳහා වෛද්‍ය උපදෙස්‌ ලබා ගත යුතුය.

බොහෝවිට ඔසප් වීමේ අපිළිවෙළ සමග ඇතිවෙන හෝමෝන වෙනස්‌කම් නිසා සමෙහි ඇතිවන ගැටලු කාන්තාවන්ට පීඩාකාරී වේ. මෙවැනි අවස්‌ථාවලදී බොහෝ කාන්තාවන් චර්ම රෝග අංශය වෙත යොමු වීම සිදුවේ. මෙහිදි ඔසප් වීම අපිළිවෙළ බව වෛද්‍යවරයාට දැන්වීම වැදගත් කරුණකි. මෙවැනි තත්ත්වයන් බොහෝවිට ඖෂධ ගැනීමෙන් පාලනය කරගත හැක. මාස කීපයක්‌ හෝ වසරක්‌ දෙකක්‌ ප්‍රතිකාර ගැනීමෙන් මෙම තත්ත්වයන් බොහෝ දුරට පාලනය වේ. ස්‌ථුල කාන්තාවක්‌ නම් ඖෂධ ගැනීමට වඩා සිරුරේ බර අඩු කර ගැනීමට උත්සහ කළ යුතුය. ව්‍යායාම කිරීමෙන් සහ ආහාර අඩු කිරිමෙන් ස්‌ථුලභාවය අඩු කර ගැනීම පමණක්‌ ම මෙම තත්ත්වය පාලනය කිරීමට ප්‍රමාණවත් වේ. මේද ස්‌ථරය තුළ හෝමෝන විපර්යාස සිදුවීම මෙම රෝගී තත්ත්වයට බලපාන බැවින් ශරීරයේ මේද ප්‍රමාණය අඩු කිරීම මෙහිදී වැදගත් වේ.

මෙවැනි කාන්තාවන් තුළ කොලෙස්‌ටරෝල් වැඩිවීම, රුධිර සීනි වැඩිවීම වැනි ගැටලු සහිත තත්ත්වයන්ද ඇතිවීමට ඉඩ ඇත. ස්‌ථුලභාවය අඩු කිරීම මෙම තත්ත්වයන් පාලනය කිරීමටද ඉවහල් වේ.

Birth Control

3 comments

දරැවෙකු ප්‍රසුත කළ පසු මවට පැවරෙන වැදගත්ම කාර්යය වන්නේ දරැවා නිසි පෝෂණයෙන් යුතුව වර්ධනය කිරීමයි. දරැවාගේ පෝෂණයට අවශ්‍ය මව්කිරි නිසිපරිදි ලබාදීම මෙහිදී වැදගත් වේ. දරැවාට මව්කිරි දීමේ වැදගත්කම හා දරැවා නියම ආකාරයෙන් ආරක්ෂා කරගැනීම සෑම මවක්ම වටහා ගත යුතුය.

මව දරැවාගේ පෝෂණය පිලිබද සැලකිල්ලක් දක්වනවා සේම දරැවන් අතර මනා පරතරයක් තබා ගැනීම ඉතා වැදගත්ය. පළමු දරැවා හා දෙවන දරැවා අතර පරතරය අඩුම තරමින් වසර දෙකක්වත් විම යුතුය. එසේ නොවුනහොත් එය මවගේත් දරැවාගේත් සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. දරැවා ඉතා කුඩා අවස්ථාවේදී මව නැවතත් ගර්භනී තත්වයට පත්වීම වලක්වා ගැනීම සදහා සෑම මවක්ම උපත් පාලන ක්‍රමයක් අනුගමනය කල යුතුය.

පත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීම.

දරැ ප්‍රසුතියෙන් පසු මව උපත් පාලන ක්‍රමයක් ආරම්භ කල යුත්තේ කුමන කාලයේදීද යන්න සලකා බැලීම වැදගත්ය. මව දරැවාට මව්කිරි පමණක් දෙන්නේ නම් එම මවට මාස හයක් පමණ වනතුරැ ඔසප් වීම ආරම්භ නොවීමට ඉඩ ඇත. ඇතැම් මව්වරැ ඔසප්වීම පටන් ගන්නා තුරැ තමන් ගැබ් නොගන්නා බව සිතා සිටී. එය වැරදි සිතුවිල්ලකි. ඔසප් වීමක් නොමැතිව මෙම කාලය තුල මවක් ගර්භනී තත්වයට පත්විය හැක. එමනිසා දරැවා ප්‍රසුත කල පසු නොපමාව උපත් පාලන ක්‍රමයක් සදහා යොමුවිය යුතුය

මව්කිරි දීමට බලපෑමක් ඇතිවෙයිද ?

ඇතැම් උපත් පාලන ක්‍රම මවුවරැන්ට සුදුසු නොවේ. නමුත් කිරිදීමට බලපෑමක් නොමැති උපත් පාලන ක්‍රම බොහෝමයක් තිබේ. මෙය තම වෛද්‍යවරයා සමග සාකච්ඡා කර තෝරා ගත හැකිය.

ගිලින පෙති උපත් පාලන ක්‍රමය

සාමාන්‍යයෙන් මවුකිරි දෙන කාලයේ ගිලින පෙති මවකට සුදුසු නොවේ. එයට හේතුව ගිලින පෙති නිසා මවුකිරිවල ප්‍රමාණයේ අඩුවක් සිදුවීමයි. එසේ නමුත් මාස හයක් සම්පූර්ණ වූ පසු ගිලින පෙති උපත් පාලන ක්‍රමයක් ලෙස යොදාගත හැකිය. මීට අමතරව මවුකිරි දෙන සමයේ ලබා ගත හැකි විශේෂිත වූ ප්‍රො‍ෙජස්ටරෝන් හෝමෝනය පමණක් අඩංගු ගිලික පෙත් වර්ග නිපදවා තිබේ. නමුත් අප රටේ මෙම වර්ගයේ පෙති තවමත් සුලභව දක්නට ලැබෙන්නේ නැත.

ගර්භාෂය තුල තැන්පත් කරන උපත් පාලන උපකරණ

අප රටේ දැනට භාවිතා කරන්නේ කොපර් T ( Copper T ) නම් උපකරණයයි. මෙය මවුකිරි දෙන මවකට ඉතාමත් සුදුසු ආරක්ෂාකාරී ක්‍රමයකි. දරැවා ප්‍රසුථ කල විගසම උවත් මෙය ගර්භාෂය තුලට ඇතුලු කිරීමට හැකි වුවද වඩාත් සාර්ථක වනුයේ දරැවා ලැබී සති හතරකට පසුව ඇතුලත් කිරීමයි. මෙමගින් වසර 10 ක් පමණ කාලයක් ගැබ්ගැනීම් වලක්වා ගත හැකිය. එසේම දරැවෙකු අවශ්‍ය වූ විට මෙය ඉවත් කිරීමට පුලුවන. මෙය ඉවත් කල වහාම දරැවෙකු පිළිසිද ගත හැකි තත්වයට මව පත්වෙයි. එමෙන්ම මෙම තැම්පත් කිරීම හා ඉවත් කිරීම සාමාන්‍ය සායනයකදී සිදු කළ හැක.

උපත් පාලන එන්නත්

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු DMPA එන්නත මවුකිරි දෙන මවකට සුදුසු ක්‍රමයකි. මෙමගින් මවුකිරි නිශ්පාදනයට අහිතකර බලපෑමක් ඇති නොවේ. සමහරවිට මවුකිරි නිපදවීම වැඩිවීමටත් පුලුවන. දරැ ප්‍රසුතියෙන් සති 6 ක් ගිය පසු මෙහි ප්‍රථම එන්නත ලබාගත හැකි අතර මාස තුනකට වරක් ලබාගත යුතුය. මෙම එන්නත ලබාගන්නා කාලය තුල ඇතැම් මවුවරැන්ට ඔසප්වීම සිදුවන්නේම නැත. නමුත් ස්වල්ප දෙනෙකුට අනවශ්‍ය ලෙස අධික රැධිර වහනයක් ඇති වීමටද හැකියාවක් ඇත. මෙම එන්නත ලබා ගැනීමෙන් සිරැර තරබාරැ වනබවට මතයක් ඇත. නමුත් නියමිත පරිදි ආහාර පාලනය හා ව්‍යායාම කිරීමෙන් එය මගහරවා ගත හැක.

සමට යටින් තැම්පත් කරන හෝමෝනමය උපකරණය

කාන්තාවන්ගේ අතෙහි ඉහල කොටසේ සමට යටින් තැම්පත් කරන හෝමෝන නිකුත් කරන Implanon නම් උපකරණයද කිරිදෙන මවකට සුදුසු ක්‍රමයකි. මෙය වසර තුනක් දක්වා සාර්ථකව උපත් පාලන ක්‍රමයක් වශයෙන් භාවිතා කල හැකිය. දැනට මෙම උපකරණය ලබා දෙන්නේ කෙ‍ාළඹ පිහිටි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පවුල් සංවිධාන ඒකකය මගිනි.

ස්ථිර පවුල් සංවිධාන ක්‍රම

පැලෝපීය නාල අවහිර කිරීමෙන් කාන්තාවක් ස්ථිර වශයෙන්ම දරැවන් නොලබන තත්වයට පත්කල හැක. තමාගේ පවුල සමිපූර්ණ වූ කාන්තාවකට මෙය තෝරා ගත හැකි අතර එය නැවත දරැවන් ලැබිය නොහැකි තත්වයට පත්වන බව දැනගත යුතුය. මේ සදහා ශල්‍යකර්මයක් කිරීම අවශ්‍යය. යම් විදියකින් සිසේරියන් සැත්කමක් සිදුකරන්නේ නම් ඒ සමගම වන්ධ්‍යාකරන සැත්කමත් සිදුකල හැකිය.

සැමියාට අනුගමනය කළ හැකි ක්‍රම

කොපු (condom) භාවිත කිරීම මගින් උපත් පාලනය කළහැකි අතර මෙය ආරක්ෂාකාරී අහිතකර බලපෑම් නොමැති ක්‍රමයකි. නිවැරදිව, නිරන්තරයෙන් භාවිතා කිරීම එහි සාර්ථකත්වයට බලපානු ලැබේ. මීට අමතරව පුරැෂ පක්ෂයට විශේෂිත වූ වන්ධ්‍යාකරණ සැත්කමද ස්ථිර උපත්පාලන ක්‍රමයක් ලෙස භාවිතා කිරීමට පුලුවන. මෙය ඉතාමත්ම සුලු සැත්කමක් වන අතර මේ සදහා සිහිනැතිකිරීමක් අවශ්‍ය නොවේ.

උපත් පාලන උපදෙස් ලබා ගැනීම

දරැවා ප්‍රසුත කිරීමට පෙර සිටම උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීම සිදුකළ යුතුය. මේ සදහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් , පවුල් සෞඛ්‍ය පිලිබදව කටයුතු කරන වෙනත් වෛද්‍යවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ලබා ගත හැක. කිසිදු පවුල් සංවිධාන ක්‍රමයක් අනුගමනය නොකලද මවක් තම දරැවාට මවුකිරි පමණක් දෙන්නේ නම් පලමු මාස හය තුල ඔසප් වීමක් සිදුනොවන්නේ නම් එම මවට දරැවෙකු පිලිසිද ගැනිමේ හැකියාව ඉතාම අවමය. නමුත් සුදුසු උපත්පාලන ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් අනවශ්‍ය පිලිසිද ගැනීමක් පිලිබද අනියත සැකයක් ඇතිකර ගත යුතු නැත.

පවුල් සැලසුම් ක්‍රම සියයට සියයක්ම සාර්ථකද ?

දැනට භාවිතා කරන ක්‍රම ඉතාම විශ්වාසනීය හා සාර්ථක ක්‍රම වන අතර කලාතුරකින් උපත්පාලන ක්‍රමයක් අනුගමනය කරන අතරම ගැබ්ගැනීමක් ඇතිවිය හැකිය. ඒවාගේම නිවැරදිව භාවිතා නොකිරීමෙන්ද උපත් පාලන ක්‍රම අසාර්ථකවන අවස්ථා ඇත. යම් කාන්තාවක් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන අතරම ගැබ් ගැනීමකට පත් වුවහොත් ඉක්මනින්ම මුත්‍රා පරීක්ෂණයක් මගින් එය තහවුරැ කරගෙන වෛද්‍යවරයෙකු මුනගැසිය යුතුය.

උපත්පාලන ක්‍රම ශරීරයට අහිතකරද?

සමහර රෝග වලින් පෙලෙන කාන්තාවන්ට අහිතකර වන උපත් පාලන ක්‍රම තිබේ. නමුත් සාමාන්‍යයෙන් භාවිතා වන උපත් පාලන ක්‍රම ඉතාම ආරක්ෂාකාරීය. එමනිසා තමාට ගැලපෙන උපත්පාලන ක්‍රමය වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න.

උපත් පාලනයෙන් දරැවන් ලැබීම පමාවෙයිද?

තාවකාලික උපත් පාලන ක්‍රම මගින් කිසිවිටෙක අනාගතයේදී දරැවන් පිලිසිද ගැනීමකට බාදාවක් වන්නේ නැත. යම් කාන්තාවකට දරැවන් ප්‍රමාද වේ නම් ඒ සදහා බලපාන වෙනත් හේතු ඇති බැවින් ඒ පිලිබද සොයා බැලිය යුතුය.

One of the toughest decisions that a lot of teens face is whether to have sex. Teens who decide to become sexually active must also take responsibility to stay protected from unplanned pregnancy and sexually transmitted diseases (STDS.

In the United States, the teenage pregnancy rate is higher than in many other countries. Approximately 750,000 million teen girls become pregnant every year and most of them don't intend to. In addition to preventing unplanned pregnancies, sexually active teens must protect themselves from STDs — which means that condoms must be used every time.

The most effective method of birth control is abstinence. The American Academy of Pediatrics (AAP) has said that sex education that includes information about both abstinence and birth control is the most effective way to keep down the rate of teen pregnancy.

As a parent, you play a key role in this education. It's important that your kids feel, from a young age, that they can come to you with a question about sexuality, no matter what it is. It helps if you treat sexuality as a natural part of development, not something dirty or embarrassing.

Providing the facts is vital, but it's also wise to give your kids a sense of where you stand. Teens, especially, may seem uninterested in your views on sex and birth control, or even your values in general, but they usually take in more than you think.

At times, kids may not feel comfortable approaching parents with questions about sexuality. That's OK. But it's important that they have a trusted adult — like a teacher, school counselor, school nurse, or doctor — to talk with about birth control and other issues related to sex.