Birth Control

දරැවෙකු ප්‍රසුත කළ පසු මවට පැවරෙන වැදගත්ම කාර්යය වන්නේ දරැවා නිසි පෝෂණයෙන් යුතුව වර්ධනය කිරීමයි. දරැවාගේ පෝෂණයට අවශ්‍ය මව්කිරි නිසිපරිදි ලබාදීම මෙහිදී වැදගත් වේ. දරැවාට මව්කිරි දීමේ වැදගත්කම හා දරැවා නියම ආකාරයෙන් ආරක්ෂා කරගැනීම සෑම මවක්ම වටහා ගත යුතුය.

මව දරැවාගේ පෝෂණය පිලිබද සැලකිල්ලක් දක්වනවා සේම දරැවන් අතර මනා පරතරයක් තබා ගැනීම ඉතා වැදගත්ය. පළමු දරැවා හා දෙවන දරැවා අතර පරතරය අඩුම තරමින් වසර දෙකක්වත් විම යුතුය. එසේ නොවුනහොත් එය මවගේත් දරැවාගේත් සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. දරැවා ඉතා කුඩා අවස්ථාවේදී මව නැවතත් ගර්භනී තත්වයට පත්වීම වලක්වා ගැනීම සදහා සෑම මවක්ම උපත් පාලන ක්‍රමයක් අනුගමනය කල යුතුය.


පත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීම.

දරැ ප්‍රසුතියෙන් පසු මව උපත් පාලන ක්‍රමයක් ආරම්භ කල යුත්තේ කුමන කාලයේදීද යන්න සලකා බැලීම වැදගත්ය. මව දරැවාට මව්කිරි පමණක් දෙන්නේ නම් එම මවට මාස හයක් පමණ වනතුරැ ඔසප් වීම ආරම්භ නොවීමට ඉඩ ඇත. ඇතැම් මව්වරැ ඔසප්වීම පටන් ගන්නා තුරැ තමන් ගැබ් නොගන්නා බව සිතා සිටී. එය වැරදි සිතුවිල්ලකි. ඔසප් වීමක් නොමැතිව මෙම කාලය තුල මවක් ගර්භනී තත්වයට පත්විය හැක. එමනිසා දරැවා ප්‍රසුත කල පසු නොපමාව උපත් පාලන ක්‍රමයක් සදහා යොමුවිය යුතුය


මව්කිරි දීමට බලපෑමක් ඇතිවෙයිද ?



ඇතැම් උපත් පාලන ක්‍රම මවුවරැන්ට සුදුසු නොවේ. නමුත් කිරිදීමට බලපෑමක් නොමැති උපත් පාලන ක්‍රම බොහෝමයක් තිබේ. මෙය තම වෛද්‍යවරයා සමග සාකච්ඡා කර තෝරා ගත හැකිය.







ගිලින පෙති උපත් පාලන ක්‍රමය


සාමාන්‍යයෙන් මවුකිරි දෙන කාලයේ ගිලින පෙති මවකට සුදුසු නොවේ. එයට හේතුව ගිලින පෙති නිසා මවුකිරිවල ප්‍රමාණයේ අඩුවක් සිදුවීමයි. එසේ නමුත් මාස හයක් සම්පූර්ණ වූ පසු ගිලින පෙති උපත් පාලන ක්‍රමයක් ලෙස යොදාගත හැකිය. මීට අමතරව මවුකිරි දෙන සමයේ ලබා ගත හැකි විශේෂිත වූ ප්‍රො‍ෙජස්ටරෝන් හෝමෝනය පමණක් අඩංගු ගිලික පෙත් වර්ග නිපදවා තිබේ. නමුත් අප රටේ මෙම වර්ගයේ පෙති තවමත් සුලභව දක්නට ලැබෙන්නේ නැත.




ගර්භාෂය තුල තැන්පත් කරන උපත් පාලන උපකරණ


අප රටේ දැනට භාවිතා කරන්නේ කොපර් T ( Copper T ) නම් උපකරණයයි. මෙය මවුකිරි දෙන මවකට ඉතාමත් සුදුසු ආරක්ෂාකාරී ක්‍රමයකි. දරැවා ප්‍රසුථ කල විගසම උවත් මෙය ගර්භාෂය තුලට ඇතුලු කිරීමට හැකි වුවද වඩාත් සාර්ථක වනුයේ දරැවා ලැබී සති හතරකට පසුව ඇතුලත් කිරීමයි. මෙමගින් වසර 10 ක් පමණ කාලයක් ගැබ්ගැනීම් වලක්වා ගත හැකිය. එසේම දරැවෙකු අවශ්‍ය වූ විට මෙය ඉවත් කිරීමට පුලුවන. මෙය ඉවත් කල වහාම දරැවෙකු පිළිසිද ගත හැකි තත්වයට මව පත්වෙයි. එමෙන්ම මෙම තැම්පත් කිරීම හා ඉවත් කිරීම සාමාන්‍ය සායනයකදී සිදු කළ හැක.




උපත් පාලන එන්නත්

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු DMPA එන්නත මවුකිරි දෙන මවකට සුදුසු ක්‍රමයකි. මෙමගින් මවුකිරි නිශ්පාදනයට අහිතකර බලපෑමක් ඇති නොවේ. සමහරවිට මවුකිරි නිපදවීම වැඩිවීමටත් පුලුවන. දරැ ප්‍රසුතියෙන් සති 6 ක් ගිය පසු මෙහි ප්‍රථම එන්නත ලබාගත හැකි අතර මාස තුනකට වරක් ලබාගත යුතුය. මෙම එන්නත ලබාගන්නා කාලය තුල ඇතැම් මවුවරැන්ට ඔසප්වීම සිදුවන්නේම නැත. නමුත් ස්වල්ප දෙනෙකුට අනවශ්‍ය ලෙස අධික රැධිර වහනයක් ඇති වීමටද හැකියාවක් ඇත. මෙම එන්නත ලබා ගැනීමෙන් සිරැර තරබාරැ වනබවට මතයක් ඇත. නමුත් නියමිත පරිදි ආහාර පාලනය හා ව්‍යායාම කිරීමෙන් එය මගහරවා ගත හැක.


සමට යටින් තැම්පත් කරන හෝමෝනමය උපකරණය









කාන්තාවන්ගේ අතෙහි ඉහල කොටසේ සමට යටින් තැම්පත් කරන හෝමෝන නිකුත් කරන Implanon නම් උපකරණයද කිරිදෙන මවකට සුදුසු ක්‍රමයකි. මෙය වසර තුනක් දක්වා සාර්ථකව උපත් පාලන ක්‍රමයක් වශයෙන් භාවිතා කල හැකිය. දැනට මෙම උපකරණය ලබා දෙන්නේ කෙ‍ාළඹ පිහිටි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පවුල් සංවිධාන ඒකකය මගිනි.


ස්ථිර පවුල් සංවිධාන ක්‍රම



පැලෝපීය නාල අවහිර කිරීමෙන් කාන්තාවක් ස්ථිර වශයෙන්ම දරැවන් නොලබන තත්වයට පත්කල හැක. තමාගේ පවුල සමිපූර්ණ වූ කාන්තාවකට මෙය තෝරා ගත හැකි අතර එය නැවත දරැවන් ලැබිය නොහැකි තත්වයට පත්වන බව දැනගත යුතුය. මේ සදහා ශල්‍යකර්මයක් කිරීම අවශ්‍යය. යම් විදියකින් සිසේරියන් සැත්කමක් සිදුකරන්නේ නම් ඒ සමගම වන්ධ්‍යාකරන සැත්කමත් සිදුකල හැකිය.






සැමියාට අනුගමනය කළ හැකි ක්‍රම


කොපු (condom) භාවිත කිරීම මගින් උපත් පාලනය කළහැකි අතර මෙය ආරක්ෂාකාරී අහිතකර බලපෑම් නොමැති ක්‍රමයකි. නිවැරදිව, නිරන්තරයෙන් භාවිතා කිරීම එහි සාර්ථකත්වයට බලපානු ලැබේ. මීට අමතරව පුරැෂ පක්ෂයට විශේෂිත වූ වන්ධ්‍යාකරණ සැත්කමද ස්ථිර උපත්පාලන ක්‍රමයක් ලෙස භාවිතා කිරීමට පුලුවන. මෙය ඉතාමත්ම සුලු සැත්කමක් වන අතර මේ සදහා සිහිනැතිකිරීමක් අවශ්‍ය නොවේ.




උපත් පාලන උපදෙස් ලබා ගැනීම

දරැවා ප්‍රසුත කිරීමට පෙර සිටම උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීම සිදුකළ යුතුය. මේ සදහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් , පවුල් සෞඛ්‍ය පිලිබදව කටයුතු කරන වෙනත් වෛද්‍යවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ලබා ගත හැක. කිසිදු පවුල් සංවිධාන ක්‍රමයක් අනුගමනය නොකලද මවක් තම දරැවාට මවුකිරි පමණක් දෙන්නේ නම් පලමු මාස හය තුල ඔසප් වීමක් සිදුනොවන්නේ නම් එම මවට දරැවෙකු පිලිසිද ගැනිමේ හැකියාව ඉතාම අවමය. නමුත් සුදුසු උපත්පාලන ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් අනවශ්‍ය පිලිසිද ගැනීමක් පිලිබද අනියත සැකයක් ඇතිකර ගත යුතු නැත.


පවුල් සැලසුම් ක්‍රම සියයට සියයක්ම සාර්ථකද ?

දැනට භාවිතා කරන ක්‍රම ඉතාම විශ්වාසනීය හා සාර්ථක ක්‍රම වන අතර කලාතුරකින් උපත්පාලන ක්‍රමයක් අනුගමනය කරන අතරම ගැබ්ගැනීමක් ඇතිවිය හැකිය. ඒවාගේම නිවැරදිව භාවිතා නොකිරීමෙන්ද උපත් පාලන ක්‍රම අසාර්ථකවන අවස්ථා ඇත. යම් කාන්තාවක් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන අතරම ගැබ් ගැනීමකට පත් වුවහොත් ඉක්මනින්ම මුත්‍රා පරීක්ෂණයක් මගින් එය තහවුරැ කරගෙන වෛද්‍යවරයෙකු මුනගැසිය යුතුය.


උපත්පාලන ක්‍රම ශරීරයට අහිතකරද?

සමහර රෝග වලින් පෙලෙන කාන්තාවන්ට අහිතකර වන උපත් පාලන ක්‍රම තිබේ. නමුත් සාමාන්‍යයෙන් භාවිතා වන උපත් පාලන ක්‍රම ඉතාම ආරක්ෂාකාරීය. එමනිසා තමාට ගැලපෙන උපත්පාලන ක්‍රමය වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න.


උපත් පාලනයෙන් දරැවන් ලැබීම පමාවෙයිද?

තාවකාලික උපත් පාලන ක්‍රම මගින් කිසිවිටෙක අනාගතයේදී දරැවන් පිලිසිද ගැනීමකට බාදාවක් වන්නේ නැත. යම් කාන්තාවකට දරැවන් ප්‍රමාද වේ නම් ඒ සදහා බලපාන වෙනත් හේතු ඇති බැවින් ඒ පිලිබද සොයා බැලිය යුතුය.


One of the toughest decisions that a lot of teens face is whether to have sex. Teens who decide to become sexually active must also take responsibility to stay protected from unplanned pregnancy and sexually transmitted diseases (STDS.

In the United States, the teenage pregnancy rate is higher than in many other countries. Approximately 750,000 million teen girls become pregnant every year and most of them don't intend to. In addition to preventing unplanned pregnancies, sexually active teens must protect themselves from STDs — which means that condoms must be used every time.

The most effective method of birth control is abstinence. The American Academy of Pediatrics (AAP) has said that sex education that includes information about both abstinence and birth control is the most effective way to keep down the rate of teen pregnancy.

As a parent, you play a key role in this education. It's important that your kids feel, from a young age, that they can come to you with a question about sexuality, no matter what it is. It helps if you treat sexuality as a natural part of development, not something dirty or embarrassing.

Providing the facts is vital, but it's also wise to give your kids a sense of where you stand. Teens, especially, may seem uninterested in your views on sex and birth control, or even your values in general, but they usually take in more than you think.

At times, kids may not feel comfortable approaching parents with questions about sexuality. That's OK. But it's important that they have a trusted adult — like a teacher, school counselor, school nurse, or doctor — to talk with about birth control and other issues related to sex.


3 comments:

sagara said...

wooww nice !! are u doctor ?

Anonymous said...

mage nam purushalingaya kotaya ehi perasama passata kiriimata nohekiya emanda.kotai kiwta agal 5.3 pamanaya.eya dik nounata mahathaya.mata udau wanna.

Dragon-hunter95 said...

උපත් පාලනය කියන එක සෞඛ්‍යමත් දරු පරපුරක් හදන්න අනිවාර්යෙන් ඔනා. ඒ වෙනුවෙන් වෙලාවක් වෙන් කල එක ගැන සතු‍ටුයි. ඒ සඳහා විවිධ ක්‍රම තියෙනවානේ. මම් හිතන්නේ ගොඩක් අය කොන්ඩම් පාවිච්චියට කැමති ඇති.